Top Cop
7.9
HD
111 min
India
2026
"Top Cop" (2026) කියන්නේ මුල ඉඳන් අන්තිම වෙනකම්ම කුතුහලයෙන් එක දිගටම බලන්න පුළුවන්, මරු මිනීමැරුම් අභිරහස් (Murder Mystery) පන්ජාබි ෆිල්ම් එකක්.
කතාව පටන් ගන්නේ හැමෝම සතුටින් සමරන ලොකු මංගල උත්සවයකින්. හැබැයි එක පාරටම ඒ සතුට නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි මනමාලිගේ යාළුවෙක් වෙන, ලන්ඩන්වල ඉඳන් ආපු මැන්ඩි (Mandy) කියන කෙල්ල බැල්කනියෙන් වැටිලා මැරෙන එක. මුලින්ම හැමෝම හිතන්නේ මේක තමන් විසින්ම කරගත්තු සියදිවි නසාගැනීමක් කියලා. හැබැයි මේ කේස් එක විමර්ශනය කරන්න ජේ.ජේ. සිං (JJ Singh) කියන දක්ෂ, ප්‍රවීණ පොලිස් නිලධාරියා ආවට පස්සේ තමයි වැඩේ වෙනස් වෙන්නේ. එයා මැන්ඩි වැටිලා හිටපු විදිය බලලා, මේක සියදිවි නසාගැනීමක් නෙවෙයි, ප්ලෑන් කරලා කරපු මිනීමැරුමක් කියලා හොයාගන්නවා.
ඊටපස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. එතන හිටපු සැකකරුවන් 20කට වඩා වැඩි ප්‍රමාණයක් පොලිසියේ ලැයිස්තුවට ඇතුළත් වෙනවා. මැන්ඩිගේ වර්තමාන සැමියා වන ජර්මන්, මැන්ඩි කෙරෙහි මාරම ආසාවකින් හිටපු ගුචී වගේම මනමාලිත් මේ සැකකරුවන් අතර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මැන්ඩි මැරිලා තියෙන්නේ උසකින් වැටුණු නිසා විතරක් නෙවෙයි, ඇගේ ඇඟ ඇතුලේ දරුණු වස වර්ගයකුත් තිබිලා කියලා පෝස්ට්මෝටම් රිපෝට් එකෙන් හෙළි වෙනවා. ඉතින් මේ වස දුන්නේ කවුද? මංගල උත්සවයට ආපු හැමෝම තමන්ගේ අඳුරු රහස් හංගගෙන බොරු කියද්දී, දක්ෂ පොලිස් නිලධාරියා සැබෑ ඝාතකයාව කොටු කරගන්නේ කොහොමද කියලා කතාව බලලම දැනගන්න පුළුවන්.
මෙහි ප්‍රධාන පොලිස් නිලධාරියාගේ චරිතයට සුප්‍රකට පන්ජාබි නළුවෙක් වෙන ගුර්ප්‍රීට් ගුගී (Gurpreet Ghuggi) මරු විදියට රංගනයෙන් දායක වෙනවා. පැය 1යි විනාඩි 49ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක, සස්පෙන්ස් සහ ක්‍රයිම් ෆිල්ම්ස් බලන්න ආස අයට කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් පට්ටම සිනමා නිර්මාණයක්!