Stranger Things: Tales from '85 (2026) කියන්නේ වසර 10ක් පුරා ලොව පුරා අතිශය සාර්ථකව විකාශනය වී පසුගිය 2026 ජනවාරි 1 වෙනිදා නිල වශයෙන් අවසන් වුණු "Stranger Things" මවු කතාමාලාවේ අවසානයෙන් පසු, එහි විශ්වය තවත් පුළුල් කරමින් Netflix හරහා පසුගිය අප්‍රේල් 23 වෙනිදා නිකුත් කළ අලුත්ම 3D ඇනිමේටඩ් ටෙලි කතාමාලාවයි. Animation සහ Mystery ශානරයන් ඔස්සේ නිමවා ඇති, උසස් තත්වයේ VFX තාක්ෂණයෙන් හැඩවුණු මෙම නිර්මාණයට ප්‍රේක්ෂකයන්ගෙන් IMDb දර්ශකයේ 7.3ක ඉතාමත් හොඳ අගයක් ලැබී තිබෙනවා. මවු කතාමාලාවේ අඳුරු 5 වැනි කතාසමයේ අවසානයට වඩා හාත්පසින්ම වෙනස්ව, මෙහි කතාව දිවයන්නේ 2 වැනි සීසන් එකේදී ඉලෙවන් විසින් හෝකින්ස් ලැබ් එකේ තිබූ ගේට් එක වැසූ පසු 3 වැනි සීසන් එක ආරම්භ වන තෙක් අතරමැද ගතවන 1985 වර්ෂයේ ශීත ඍතුව පසුබිම් කරගෙනයි. මයික්, ඩස්ටින්, ලූකස්, විල්, මැක්ස් සහ ඉලෙවන් යන අපේ පැරණි මිතුරන් පිරිස මෙහිදී "Hawkins Investigators Club" (H.I.C.) නමින් නව කණ්ඩායමක් අටවාගෙන හෝකින්ස් නගරයේ අභිරහස් සෙවීමට පටන් ගන්නා අතර, ඔවුන්ට අලුතින්ම පැමිණි විද්‍යා ගුරුවරියගේ දියණිය වන, රෝස පාට කොණ්ඩයක් ඇති දඩබ්බර නිකී බැක්ස්ටර් (Nikki Baxter) නැමැති නව යෙහෙළියද එකතු වෙනවා. ඩැනියෙල් නැමැති චරිතයක් අතින් සිදුවන අත්වැරදීමකින් සාමාන්‍ය ශාක සහ වැල් විශේෂයන් ප්‍රචණ්ඩ වී භයානක 'රැජිනක්' (Plant Queen) නිර්මාණය වන අතර, මවු කතාවේ බියකරු වටපිටාව වෙනුවට මුල් සීසන්වල පැවති සැහැල්ලු, විනෝදකාමී සහ ළමා කාලයේ වීර චාරිකාවල සුන්දර රිද්මය පෙරදැරි කරගනිමින් මෙම මිතුරන් පිරිස එම මාරාන්තික ශාක බලවේගයට එරෙහිව කරන අපූරු සටන මෙම නවතම කතාමාලාව පුරාම ඉතාමත් කුතුහලයෙන් යුතුව ගලාගෙන යනවා.