Streamx.lk

Killing Faith

HD 108 min 2025

Killing Faith

5.5

2025 අවුරුද්දේ ආපු වෙනස්ම විදියේ කතාවක් තමයි "Killing Faith" කියන්නේ. මේක අර ඉස්සර කාලේ කව්බෝයි (Western) ටයිප් එකේ ඇක්ෂන් සහ ත්‍රිලර් කලවම් වුණු පට්ට ෆිල්ම් එකක්. ඔය වෙස්ටර්න් වයිබ් එකේ ෆිල්ම් බලන්න ආස අයට නම් මේක සුපිරි. කතාව යන්නේ 1849 අවුරුද්දේ ඇරිසෝනා ප්‍රාන්තයේයි. මෙහේ ගොවිපලක තනියම ජීවත් වෙන කළු ජාතික අම්මා කෙනෙක් ඉන්නවා. එයාට ඉන්නවා පුංචි දුවෙක්. හැබැයි මේ ළමයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයාගේ අත් දෙකට හැමවෙලේම ග්ලවුස් දෙකක් දාලා තමයි තියෙන්නේ. මොකද මේ ළමයා ග්ලවුස් නැතුව අතින් අල්ලන ඕනෑම දෙයක් ක්ෂණයකින් සාප වෙලා මැරිලා යනවා. දවසක් මේ ළමයා අශ්වයෙක්ව ඇල්ලුවම ඒ සතා එතනම මැරිලා වැටෙනවා. මේ නිසා මුළු ගමේම අය හිතන්නේ මේ ළමයට යක්ෂයෙක් වැහිලා, සාප වෙලා කියලා. ගමේ අය මේ අම්මටයි දුවටයි ගමෙන් පන්නන්න හදනවා. ඔය අතරේ අම්මට ආරංචි වෙනවා දුර නගරෙක ඉන්න ඩොක්ටර් කෙනෙක් ගැන. එයාට පුළුවන්ලු මේ ළමයව සනීප කරන්න. ඉතින් අම්මා තමන් ගාව තියෙන සල්ලි ටිකත් අරන් දුවව සනීප කරගන්න යන්න ලෑස්ති වෙනවා. හැබැයි යන පාරේ දරුණු අපරාධකාරයෝ ඉන්න නිසා එයාලට ආරක්ෂාවක් ඕන වෙනවා. ඒ නිසා ඒ ගමේම ඉන්න කාත් කවුරුත් නැති ඩොක්ටර් කෙනෙක් සල්ලි බලාපොරොත්තුවෙන් මේ ගමනට උදව් කරන්න එකඟ වෙනවා. ඉතින් මේ අපරාධකාරයෝ මැදින් මේ අයට තමන්ගේ ගමනාන්තයට පරිස්සමෙන් යන්න පුළුවන් වෙයිද, අතරමඟදී එයාලට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියලා ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ. කතාවේ යන අතරතුර මේ හැමෝගෙම පරණ ජීවිතවල රහස් වගයකුත් දිග ඇරෙනවා.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie