2023 දී ආපු "The Super Mario Bros. Movie" එක බලපු අයට මතක ඇතිනේ ඒක කොච්චර ලස්සනද කියලා. අන්න ඒකේ දෙවැනි ෆිල්ම් එක විදිහට තමයි Nintendo සහ Illumination එකතු වෙලා මේ "The Super Mario Galaxy Movie" එක අරන් ඇවිත් තියෙන්නේ. Space එකේ සිද්ධ වෙන පට්ටම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් විදිහට මේක කියන්න පුළුවන්. කතාව පැත්තට ගියොත්, මේක පටන් ගන්නේ හරිම නිස්කලංක විදිහටයි. රොසලිනා කුමාරිකාව එයාගේ පුංචි තරු දරුවෝ ටිකත් එක්ක ලස්සන කතාවක් කියව කියව ඉන්නවා. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එකපාරටම ලොකු සද්දයක් ඇහිලා රොසලිනා එළියට ගිහින් බලද්දී දකින්නේ මහා විසාල රොබෝ කෙනෙක් එනවා. ඒ රොබෝ ඇතුළේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, බවුසර්ගේ පුතා බවුසර් ජූනියර්. එයා එන්නේ රොසලිනාව පැහැරගෙන යන්නයි. කොහොමහරි ඔය අස්සේ එක පුංචි තරු දරුවෙක් බොහොම අමාරුවෙන් පැනගෙන ඇවිත් පීච් කුමාරිකාවට මේ කරදරේ ගැන කියනවා. ඉතින් රොසලිනාව බේරගන්න පීච්, මාරියෝ සහ ලුයිජි සෙට් එක වෙනත් ගැලැක්සියකට, ඒ කියන්නේ වෙනමම ලෝකෙකට යනවා. එතනින් එහාට එයාලට වෙන සුපිරි දේවල් ටික තමයි ෆිල්ම් එක පුරාවටම බලාගන්න පුළුවන් වෙන්නේ. මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්ස්ලා විදිහට Aaron Horvath සහ Michael Jelenic වැඩ කරලා තියෙනවා. ඒ වගේම කැරැක්ටර්ස් වලට වොයිස් දීලා තියෙන්නේ අපේ පරණ සෙට් එකමයි. ඒ කියන්නේ Chris Pratt, Anya Taylor-Joy වගේම Jack Black මේකට සුපිරියටම වොයිස් දීලා තියෙනවා. තව දෙයක්, ෆිල්ම් එක ඉවර වුණාම යන ක්‍රෙඩිට්ස් (Credits) ටික ඉවර වෙනකම්ම බලන්න. මොකද අන්තිමටත් බලන්න වටින පට්ට සීන් ටිකක් (Post-credit scenes) මේකේ තියෙනවා. පවුලේ හැමෝටම එකට ඉඳගෙන සතුටින් බලන්න පුළුවන් සුපිරිම ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්.