Streamx.lk

Balls Up

HD 104 min 2026

Balls Up

5.8

පාපන්දු ක්‍රීඩාවට පණ වුණත් දෙන බ්‍රසීලියානුවන්ගේ ලෝක කුසලාන සිහිනය කුඩුපට්ටම් කරලා, මුළු රටකම පොදු හතුරන් බවට පත්වෙන්න සිද්ධ වුණු පිස්සු මාකටිං ඩයල් දෙන්නෙක් ගැන අහලා තියෙනවාද? අන්න ඒ වගේ අමුතුම ලෝකෙක නැති කලබගෑනියක් තමයි 2026 වසරේ අප්‍රේල් මාසයේදී තිරගත වුණු "Balls Up" චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ට බලාගන්න ලැබෙන්නේ. මෙහි ප්‍රධාන චරිත රඟදක්වන මාර්ක් වොල්බර්ග් (Brad) සහ පෝල් වෝල්ටර් (Elijah) කියන්නේ කොහොම හරි තමන්ගේ බිස්නස් එකක් ගොඩදාගන්න දඟලන, හැබැයි එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් අමුතුම යාළුවෝ දෙන්නෙක්. බ්‍රැඩ් කියන්නේ වැඩක් කතා කරලා බිස්නස් එකක් අල්ලගන්න දක්ෂ සේල්ස්මන් කෙනෙක් වුණත්, එයාගේ සහකරු එලයිජා කියන්නේ නිතරම මොනවා හරි අල කරගන්න ජාතියේ ඩයල් එකක්. ඔහොම ඉන්නකොට මේ දෙන්නාට තමන්ගේ සමාගම වෙනුවෙන් බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අනුග්‍රාහකත්වය (Sponsorship) බාරදෙන ලොකු අවස්ථාවක් ලැබෙනවා. හැබැයි සාමාන්‍ය විදිහට ප්‍රමෝෂන් එකක් කරනවා වෙනුවට, මේ දෙන්නා ලෑස්ති වෙන්නේ පාපන්දු තරඟාවලිය අස්සේ 'කොන්ඩම්' ප්‍රවර්ධනය කරන්නයි. මේ සෙල්ලම අතරතුර සිද්ධ වෙන පොඩි අත්වැරැද්දක් නිසා මුළු බ්‍රසීලයම උඩුයටිකුරු වෙලා මහා වින්නැහියක් සිද්ධ වෙනවා. වැඩේ තවත් දරුණු වෙන්නේ බ්‍රසීල කණ්ඩායම අවසන් මහා තරඟයෙන් පැරදුණාට පස්සේ, ඒ හැමදේටම වගකියන්න ඕනේ මේ මෝඩ යාළුවෝ දෙන්නා කියලා මුළු රටේම ඉන්න මිනිස්සු මෙයාලව දඩයම් කරන්න පස්සෙන් පන්නන්න ගන්න නිසයි. එතැන් සිට ඇරඹෙන්නේ බ්‍රසීලය පුරා දිවෙන මාරාන්තික වගේම බඩ පැලෙන හාස්‍යජනක ක්‍රියාදාම චාරිකාවක්. "The Hangover" හෝ "Deadpool" වැනි වේගවත් දෙබස් සහ කිසිම තර්කයක් නැති පිස්සු "Adult Comedy" ගණයේ සිනමාපට වලට ආදරය කරන අයට නම් මේක සුපිරිම තේරීමක් වෙයි. පෝල් වෝල්ටර්ගේ මෝඩ වැඩත්, ඒ හැමදේම ඉතාමත් සීරියස් පිට බාරගෙන පිස්සු නටන මාර්ක් වොල්බර්ග්ගේ සුපිරි කොම්බෝ එක නිසා චිත්‍රපටය පුරාවටම එකදිගට හිනාවෙවී රසවිඳින්න පුළුවන්.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie