2025 අවුරුද්දේ අග හරියේ ආපු පට්ටම ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් තමයි "The Verdict" කියන්නේ. මේකේ ඔරිජිනල් ඉන්දුනීසියානු නම තමයි "Keadilan". ඒකේ තේරුම 'සාධාරණය' කියන එකයි. මේ ෆිල්ම් එක හැදෙන්න ලොකු විශේෂ හේතුවක් තියෙනවා. මොකද Netflix එකේ පට්ට හිට් වුණු "A Killer Paradox" සීරීස් එක කරපු දකුණු කොරියාවේ ප්‍රසිද්ධ ඩිරෙක්ටර් ලී චැං-හී තමයි ඉන්දුනීසියානු ඩිරෙක්ටර් කෙනෙක් එක්ක එකතු වෙලා මේක කරලා තියෙන්නේ. මේ වගේ කොරියන් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්දුනීසියානු ෆิල්ම් එකක් කරපු පළවෙනි වතාව තමයි මේක. කතාව ගැන කිව්වොත්, මේකේ ඉන්නේ රාකා කියලා උසාවියක සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට රස්සාව කරන මනුස්සයෙක්. මෙයාගේ බිරිඳ නීනාට සල්ලි බලය තියෙන පවුලක කෙනෙක්ගෙන් ලොකු හිරිහැරයක් වෙනවා. ඉතින් මේකට සාධාරණයක් කරගන්න කියලා මේ දෙන්නා උසාවි ගියත්, එතනදී එයාලට හම්බවෙන්නේ ටිමෝ කියලා සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කරන පට්ටම කපටි ලෝයර් කෙනෙක්. සල්ලි වලට නීතිය යටවෙලා තමන්ගේ බිරිඳට සාධාරණයක් වෙන්නේ නෑ කියලා තේරෙද්දී රාකාට හොඳටම මල පනිනවා. ඊට පස්සේ මෙයා කරන්නේ නීතිය තමන්ගේ අතට අරගෙන, අර උසාවිය ඇතුළෙදිම තමන්ගේම විදිහට බය නැතුව පළිගන්න එකයි. පළිගැනීම සහ ඇක්ෂන් උපරිමයටම තියෙන, එකදිගට කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් හොයන අයට මේක සුපිරි.