ඔන්න මලයාලම් ෆිල්ම් බලන්න ආස කරන අයට 2026 අවුරුද්දේ බලන්න පුළුවන් පට්ටම Fantasy Time-loop Thriller චිත්‍රපටයක් තමයි "Sambhavam Adhyayam Onnu" කියන්නේ. මේ අපූරු නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජිතු සතීසන් (Jithu Satheesan) විසින්. මෙහි ප්‍රධාන චරිත සදහා අස්කර්, විනීත් කුමාර් වගේම සිද්ධාර්ත් භාරතන් වැනි දක්ෂ නළුවන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. කතාව පැත්තට හැරුණොත්, කේරළ සහ තമിල්නාඩු මායිමේ තියෙන අතිශය අද්භූත වනාන්තරයක් ඇතුළේදී පොලිස් නිලධාරියෙක් එකපාරටම අතුරුදහන් වෙනවා. ඉතින් මේ අතුරුදහන් වුණු කෙනාව හොයාගෙන තවත් පොලිස් කණ්ඩායමක් මේ මහා ඝන කැලෑව ඇතුළට පීරන්න පටන් ගන්නවා. හැබැයි කැලෑවට ඇතුළු වුණාට පස්සේ එයාලට මුහුණ දෙන්න වෙන්නේ කවදාවත් නොහිතපු අමුතුම මාරක ප්‍රශ්නයකටයි. මේ මුළු පොලිස් කණ්ඩායමම කැලෑව ඇතුළේ තියෙන "Time Loop" එකකට, ඒ කියන්නේ එකම කාල චක්‍රයකට දරුණු විදිහට හිරවෙනවා. එකම දේ ආයෙ ආයෙමත් සිද්ධ වෙද්දී, කැලෑවේ ඉන්න අද්භූත බලවේග සහ අතරමං වුණු ආත්ම වලින් බේරිලා මුන් කොහොමද පණ රැකගන්නේ කියන එක තමයි කතාවේ තියෙන්නේ. මුල ඉඳන් අන්තිම වෙනකම්ම පට්ටම කුතුහලයකින් එකදිගට බලන්න පුළුවන් වෙනස්ම විදිහක මලයාලම් සිනමා නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.