2025 අවුරුද්දේ අග හරියේ රිලීස් වුණු ගොඩක් ලස්සන දකුණු කොරියානු ආදර කතාවක් තමයි "Once We Were Us" කියන්නේ. හිතට දැනෙන, සංවේදී ආදර කතා බලන්න කැමති අයට කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ කතාව පටන් ගන්නේ හරිම අහඹු විදිහට සිද්ධ වෙන මුණගැසීමකින්. යුන් හෝ කියන පිරිමි ළමයයි, ජොන් වොන් කියන කෙල්ලයි මුලින්ම මුණගැහෙන්නේ බස් එකකදීයි. එතනදී එයාලට මුහුණ දෙන්න වෙන එක එක කරදරකාරී සිදුවීම් නිසා යුන් හෝ ජොන් වොන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. මෙන්න මේ අහඹු විදිහට සිද්ධ වුණු හමුවීම නිසා මේ දෙන්නගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. මුලින්ම නන්නාඳුනන දෙන්නෙක් විදිහට හිටපු මේ දෙන්නා, කාලයත් එක්ක හෙමින් හෙමින් යාළුවෝ බවට පත් වෙනවා. ඊට පස්සේ හොඳම යාළුවෝ වෙලා, අවසානයේදී ලස්සන ආදර කතාවක් මෙයාලා අතරේ පටන් ගන්නවා. සාමාන්‍ය ජීවිතේදී අපිට මුහුණ දෙන්න වෙන විවිධ අවස්ථාවන්ට මේ දෙන්නා එකතු වෙලා මුහුණ දෙනවා. ගොඩක් ආදර කතාවල පෙන්වනවා වගේ මේක නිකන්ම නිකන් සුරංගනා කතාවක් නෙවෙයි. අපේ ඇත්ත ජීවිතයට ගොඩක් ගැලපෙන, හරිම තාත්වික අවසානයක් තමයි මේ ආදර කතාවට තියෙන්නේ. ඉතින් මේ දෙන්නගේ ආදරයට අවසානයේදී මොකද වෙන්නේ, එයාලගේ ඉරණම කොහොම විසඳෙයිද කියලා ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ.