The Scarecrow (2026) (කොරියානු බසින් 'Heosuabi') කියන්නේ අප්‍රේල් 20 වෙනිදා සිට ENA සහ Genie TV නාලිකා ඔස්සේ විකාශනය ආරම්භ වුණු, කොටස් 12කින් සමන්විත අතිශය කුතුහල පිරි කොරියානු (K-Drama) අපරාධ විමර්ශන ටෙලි කතාමාලාවක්. මෙහි කතාව ගෙතෙන්නේ අතිශය දක්ෂ මෙන්ම ආඩම්බරකාර රහස් පරීක්ෂකයෙකු වන කන්ග් තේ-ජූ (Kang Tae-joo) වටා වන අතර, ඔහු මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසා තනතුරෙන් පහත හෙළා ඔහුව සිය උපන් ගම වන 'කන්ග්සොන්ග්' වෙත මාරු කර යවනු ලබනවා. තමන්ගේ අහිමි වූ කීර්ති නාමය නැවත ලබාගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් පසුවන තේ-ජූට, ගමට පැමිණි විගසම වසර ගණනාවක් තිස්සේ වසා දමා තිබූ බිහිසුණු දාම ඝාතන නඩුවක් (Serial Killer Case) නැවත විමර්ශනය කිරීමට භාරවෙනවා. නමුත් මෙම සංකීර්ණ අභිරහස තනිව විසඳිය නොහැකි බැවින්, ඔහුට සිය පරම සතුරෙකු වන ප්‍රභූ ගණයේ රජයේ නීතිඥ චා සි-යොන්ග් (Cha Si-yeong) සමඟ අකමැත්තෙන් වුවද අත්වැල් බැඳගැනීමට සිදුවන අතර, පෞද්ගලික වෛරය සහ මතභේදයන් පසෙකලා ඔවුන් දෙදෙනා එකතු වී ගමේ සැඟවී සිටින දරුණු දාම ඝාතකයාව කොටු කරගන්නා ආකාරය සහ එහි සැඟවුණු අඳුරු රහස් අනාවරණය කරගන්නා ආකාරය Crime, Mystery සහ Thriller ශානරයන් ඔස්සේ මෙම කතාමාලාව පුරාම එකදිගට තිගැස්මෙන් යුතුව නැරඹිය හැකියි.