හමුදා ජීවිතයයි, වීඩියෝ ක්‍රීඩාවල එන Gaming Quests රටාවයි එකට මුසු කරපු සුපිරිම කොරියානු ටෙලි කතාමාලාවක් තමයි "The Legend of Kitchen Soldier" කියන්නේ. පියාගේ මරණයෙන් බිඳුණු හිත හදාගන්න හමුදාවට බැඳෙන, නමුත් උද්දච්ඡ ගතිපැවතුම් නිසා කැපී පෙනෙන කන්ග් සොන්ග්-ජේ ඉදිරියේ අද්භූත "Army Cook Quest" තිරයක් දිස්වීමත් එක්ක කතාව උණුසුම් වෙනවා. එමඟින් ලැබෙන අභියෝග ජයගනිමින් "සූපවේදියාගේ ඇස" අවදි කරගන්නා ඔහු, කෙටි කලකින්ම කඳවුරේ දක්ෂම කෝකියා බවට පත්වන අතර, මෙතෙක් රසක් නැති කෑම හදමින් සාමකාමීව සිටි ජ්‍යෙෂ්ඨ සැරයන් යුන් දොන්ග්-හ්යුන්ගේ ජීවිතය මෙයින් සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. අකමැත්තෙන් වුවත් දෙදෙනා එකතුවී මෙම අභියෝගයන් සම්පූර්ණ කරද්දී, හමුදාව ඇතුළේ ක්‍රියාත්මක වන දූෂිත ජාලයක් සහ සොන්ග්-ජේගේ පියාගේ මරණයේ සැඟවුණු අභිරහස හෙළිවන ආකාරය හාස්‍යය සහ කුතුහලය මැදින් මෙම කතාමාලාවෙන් දිගහැරෙනවා.