"Mudbron" (2026) කියන්නේ හොල්මන්, අද්භූත වගේම ත්‍රාසජනක චිත්‍රපට බලන්න ආස කරන අයට මරු චීන (Chinese Horror/Thriller) ෆිල්ම් එකක්. ආදරණීය සැමියෙක් තමන්ගේ බිරිඳ වෙනුවෙන් කරන ලොකු සටනක් වටා තමයි මේ මුළු කතාවම ගෙතෙන්නේ. කතාව පැත්තට හැරුණොත්, මෙහි ඉන්නේ මාරම ආදරයෙන් ජීවත් වෙන සැමියෙක් සහ බිරිඳක්. මේ බිරිඳ ඉන්නේ ගැබ් අරගෙනයි. ඉතින් මේ දෙන්නගේ එකම හීනය තමයි තමන්ට හම්බවෙන්න ඉන්න දරුවාට හොඳට උගන්වලා, සමාජයේ හොඳ කෙනෙක් විදියට හදාගන්න එක. හැබැයි මේ පවුලේ තියෙන සතුට හිතාගන්නවත් බැරි විදියට එක පාරටම නැතිවෙලා යනවා. මේ බිරිඳගේ සැමියා කරන්නේ වීඩියෝ ගේම්ස් හදන (Video Game Developer) රක්ෂාවක්. එයා වැඩ කරන සමාගමෙන් මෙයාට අලුත් ව්‍යාපෘතියක් බාර දෙනවා. ඒක ඇවිත් අද්භූත සිදුවීම් මාලාවක් ගැන ලියවුණු ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගැන නිදහසේ හිතලා ලියන්න ඕනේ නිසා, මෙයා ඒකට අදාළ බඩු බාහිරාදිය ඔක්කොම තමන්ගේ ගෙදරට අරගෙන එනවා. හැබැයි මේ අද්භූත දේවල් ගෙදරට ගෙනාවට පස්සේ ටික දවසක් යද්දී ගෙදර පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. ඒ අස්සේ සැමියා දකිනවා තමන්ගේ ආදරණීය බිරිඳගේ හැසිරීමත් මාරම අමුතු විදියට වෙනස් වෙනවා කියලා. හරියට ඇයව කවුරුහරි පාලනය කරනවා වගේ. ඉතින් මේ නිවසට ඇති වෙච්ච කරදරය මොකක්ද? බිරිඳගේ ඇඟට ඇතුළු වෙලා ඉන්න ඒ අදෘශ්‍යමාන බලවේගය කාගේද? සැමියාට තමන්ගේ බිරිඳවයි, කුස ඇතුළේ ඉන්න දරුවවයි මේ යක්ෂයන්ගෙන් බේරගන්න පුළුවන් වෙයිද කියන එක තමයි කතාව පුරාම තියෙන්නේ. කුතුහලය වගේම මරු ත්‍රාසජනක ගතියක් තියෙන මේ චීන චිත්‍රපටය IMDb දර්ශකයේ 5.7/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. හොල්මන් සහ සස්පෙන්ස් ෆිල්ම්ස් බලන්න ආස අයට කම්මැලිකමක් නැතුව එක දිගටම බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක!