"Bloody Daddy" (2023) කියන්නේ ජියෝ සිනමා (JioCinema) OTT මාධ්‍ය හරහා නිකුත් වුණු, ප්‍රංශයේ තිරගත වුණු "Slepless Night" (2011) චිත්‍රපටයේ ආභාෂය ඇතුව හදපු සුපිරිම හින්දි ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්. කතාව යන්නේ කොවිඩ් වසංගත කාලසීමාව පසුබිම් කරගෙනයි. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ (NCB) රහස් නිලධාරියෙක් වෙන සුමයිර් (ශහිඩ් කපූර්). සුමයිර් කියන්නේ තමන්ගේ රස්සාවට හැමදේටම වඩා තැන දෙන්න ගිහින් පවුල් ජීවිතය අවුල් කරගත්තු කෙනෙක්. ඒ නිසාම බිරිඳ එයාව දාලා ගියත්, එයාගේ එකම පුතා වෙන ආතී තමන්ගේ තාත්තාව තේරුම් අරගෙන එයා ළඟ නවතිනවා. සුමයිර් පුතාට තියෙන ආදරේ පිටතට ලොකුවට නොපෙන්නුවත්, පුතා වෙනුවෙන් ඕනෑම දේකට ලෑස්ති තාත්තා කෙනෙක්. කතාව උණුසුම් වෙන්නේ සුමයිර් කාලයක ඉඳන් පස්සෙන් පන්නපු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් අල්ලන්න යන සිදුවීමෙන්. සිකන්දර් (රෝනිත් රෝයි) සහ හමීඩ් (සංජේ කපූර්) කියන ප්‍රධාන කුඩු ජාවාරම්කාරයෝ දෙන්නා අතර සිද්ධ වෙන්න යන කෝටි 50ක කොකේන් ගනුදෙනුවක් මැදට සුමයිර් ප්ලෑන් එකක් ගහලා කඩා වදිනවා. හැබැයි මේ වැඩෙන් කේන්ති ගන්නා සිකන්දර්, සුමයිර්ගේ පුතාව පැහැරගෙන ප්‍රාණ ඇපකරුවෙක් විදියට තියාගන්නවා. තමන් අල්ලපු කුඩු තොගය ආපහු ගෙනත් දීලා පුතාව බේරගන්න සුමයිර්ට සිද්ධ වෙනවා. "Tiger Zinda Hai" වැනි සුපිරි ඇක්ෂන් ෆිල්ම් කරපු අලි අබ්බාස් සෆර් (Ali Abbas Zafar) තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ශහිඩ් කපූර් තමන්ගේ "John Wick" ස්ටයිල් එකේ රළු ඇක්ෂන් රංගනයෙන් මුළු ෆිල්ම් එකම හොල්ලන අතරේ ඩයනා පෙන්ටි, රජීව් ඛන්ඩෙල්වාල් වැනි අය සෙසු චරිත සලකුණු කරනවා. තමන්ගේ රස්සාව, නීතිය සහ එකම පුතාගේ ජීවිතය මැද හිරවුණු තාත්තා කෙනෙක්, එක රැයකින් මුළු හෝටලයක් ඇතුළේ කරන මේ මාරාන්තික සටන ඇස් පියනොහෙලා එක දිගටම බලන්න පුළුවන් පට්ටම ඇක්ෂන් ත්‍රිලර් එකක්.