"Spa" (2026) කියන්නේ සාමාන්‍ය සිනමා රාමුවෙන් පිට පැනලා වැඩ කරන මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වෙන ඒබ්‍රිඩ් ශයින් (Abrid Shine) ගේ අලුත්ම මලයාලම් කොමඩි සෝෂල් සැටයර් (සමාජ උපහාසාත්මක) ෆිල්ම් එකක්. කතාව ගෙතෙන්නේ "ලා පැරඩයිස්" (La Paradise) කියලා නගරයේ තියෙන පට්ටම බිසී මසාජ් සෙන්ටර් (සම්බාහන මධ්‍යස්ථානයක්) එකක් වටායි. ලී මෝලක වැඩ කරන කම්කරුවාගේ ඉඳන්, දොස්තරලා, ආටිස්ට්ලා වගේම සිනමා තරු පවා තමන්ගේ එක එක හිත්වල හැංගිලා තියෙන ආශාවන් ඉටු කරගන්න මේ තැනට එනවා. හැබැයි කතාවේ ප්‍රධානම කෙනා වෙන්නේ "මාතන්" (විනීත් තත්ටිල්) කියන මැදිවියේ ගැමියා. පෙනුමෙන් පොඩ්ඩක් රළු වුණාට හිත ඇතුළෙන් හරිම සංවේදී කෙනෙක් වෙන මාතන්, තමන්ගේ ජීවිතේ පළමු වතාවට මේ මසාජ් සෙන්ටර් එකට ආවට පස්සේ එතන ඉන්න කෙනෙක් එක්ක නොහිතපු විදියේ ආදරණීය හැඟීමක් ඇති කරගන්නවා. එතනින් එහාට සමාජය පිටතින් මවා පෙන්වන බොරු සදාචාරයයි, මිනිස්සුන්ගේ හිත ඇතුළේ හැංගිලා තියෙන සැබෑ හැඟීම්වල ඇත්ත තත්ත්වයයි මේ ෆිල්ම් එකෙන් පට්ටම සරල විදියට උපහාසයෙන් යුතුව පෙන්වලා දෙනවා. මෙහි මසාජ් සෙන්ටර් එකේ බොස් විදියට ශ්‍රැති මේනන් රඟපාන අතරේ රාධිකා රාධාක්‍රිෂ්ණන්, ශ්‍රීජා දාස් සහ සිද්ධාර්ථ භාරතන් වැනි දක්ෂ පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේකේ ඉන්න කාන්තාවන්ව අසරණ වින්දිතයෝ වගේ කරලා අනුකම්පාව ඉල්ලනවා වෙනුවට, තමන් කරන්නේ මොකක්ද කියලා හොඳටම දන්නා ස්වාධීන පිරිසක් විදියට පෙන්වන්න අධ්‍යක්ෂකවරයා උත්සාහ කරලා තියෙනවා. ෆිල්ම් එකේ අන්තිම හරියේදී "Kill Bill" ෆිල්ම් එකේ ස්ටයිල් එකට පොඩි ඇක්ෂන් සීන් සහ අලුත් උප-කතාවක් දාලා තියෙන එක මුලින් තිබුණු කොමඩි ගතියට පොඩ්ඩක් නොගැළපෙනවා වගේ දැනෙන්න පුළුවන්. කොහොම වුණත් සමාජයේ තියෙන දෙබිඩි සදාචාර මුහුණුවර ගලවලා පෙන්වන්න හදපු මේ වෙනස්ම විදියේ මලයාලම් ෆිල්ම් එක, වැඩිහිටියන්ට වඩාත් සුදුසු (Mature Content) තේමාවක් රැගත් එකක්. නිවාඩු පාඩුවේ එක දිගට බලලා රසවිඳින්න පුළුවන් නියම සමාජ උපහාසාත්මක නිර්මාණයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.