Streamx.lk

Flamin' Hot

HD 99 min 2023

Flamin' Hot

7.9

හැමෝම ආසාවෙන් කන, දැක්කත් කටට කෙළ උනන සුප්‍රකට චිප්ස් වර්ගයක් වන "Flamin' Hot Cheetos" ලෝකයට බිහි වුණු හැටි ගැන කියවෙන Flamin’ Hot යනු 2023 වසරේදී තිරගත වූ, සත්‍ය ජීවිත කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු අතිශය ආදර්ශමත් චිත්‍රපටයකි. ඉවා ලොන්ගොරියා (Eva Longoria) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සුපිරි Comedy/Drama සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා ජෙසී ගාර්සියා (Jesse Garcia) විශිෂ්ට රංගනයක නිරත වන අතර, ඇනී ගොන්සාලෙස් (Annie Gonzalez) සහ ඩෙනිස් හේස්බර්ට් (Dennis Haysbert) ඇතුළු පිරිසක් සෙසු චරිත සඳහා දායක වෙති. මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.8 ක සහ රොටන් ටොමැටෝස් (Rotten Tomatoes) හි 67% ක සාධනීය ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගැනීමට සමත් වී ඇත. කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන චරිතය වන රිචඩ් මොන්ටනෙස් යනු ප්‍රසිද්ධ කෑම වර්ග හදන කොම්පැනියක (Frito-Lay) සේවය කරන සාමාන්‍ය සුළු සේවකයෙකි (Janitor). ඔහු හැමදාම අතුගාලා, සුද්ද පවිත්‍ර කරලා නිකන් ඉන්න හිතපු කෙනෙක් නොවේ. දිනක් මුළු කොම්පැනියම ලොකු මූල්‍ය අර්බුදයකට වැටිලා, සේවකයින්ව අයින් කරන මට්ටමට එද්දී අපේ මේ සාමාන්‍ය සේවකයාට අපූරු අදහසක් පහළ වෙයි. ඒ තමයි තමන්ගේ මෙක්සිකානු සංස්කෘතියේ තියෙන සැර සහ කුළුබඩු රස කලවම් කරලා අලුත්ම විදියේ චිප්ස් එකක් (Spicy Snacks) නිර්මාණය කිරීමයි. කිසිම උගත්කමක් හෝ ලොකු පසුබිමක් නැති සාමාන්‍ය මිනිසෙකු, තමන්ගේ නොසැලෙන ආත්ම විශ්වාසය සහ අමුතුම අදහසක් පමණක් පාවිච්චි කරලා මුළු ලෝකයම හොල්ලපු, බිලියන ගණනක වටිනාකමකින් යුත් ව්‍යාපාරයක් ගොඩනැඟූ ආකර්ෂණීය සහ සුන්දර ගමන මේ හරහා දිගහැරේ.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Youth
141 min 2026

Youth

Comedy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Band Melam
141 min 2026

Band Melam

Romance Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Once We Were Us
115 min 2025

Once We Were Us

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie