Veera Chandrahasa (2025) කියන්නේ 2025 අවුරුද්දේ තිරගත වුණු, Ravi Basrur විසින් අධ්‍යක්ෂණය කරපු සහ තිර රචනය කරපු ඉන්දියානු කන්නඩ භාෂා ක්‍රියාදාම සහ නාට්‍යමය (Action/Drama) චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය සඳහා Shiva Rajkumar රංගනයෙන් දායක වන අතර Shithil Shetty Airbail, Prasanna Shettigar, Nagashree GS සහ Uday Kadabaal ඇතුළු පිරිසක් සහාය චරිත නිරූපණය කරනවා. කතාව පැත්තට හැරුණොත්, කුන්තාල රාජධානියේ වංශවතෙකු වන කුලින්දට දිනක් වනාන්තරයේ තනිවම සිටින කුඩා දරුවෙකු හමුවෙනවා. ඔහුගේ මුහුණේ තිබෙන අතිශය දීප්තිමත් සිනහව නිසාම ඔහුට ‘චන්ද්‍රහාස’ යන නම තබා ඉතා ආදරයෙන් ඔහුව හදාගන්නවා. කාලයත් සමඟ යහපත් ගතිගුණ ඇති කඩවසම් තරුණයෙකු බවට පත්වෙන චන්ද්‍රහාස, තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන බලවත් සතුරන්ගේ රහසිගත කුමන්ත්‍රණ ගැන කිසිවක් දන්නේ නැහැ. නමුත් ඔහුගේ හදවතේ ඇති නොසැලෙන විශ්වාසය සහ යහපත්කම නිසාම ඔහුට ලැබෙන දේව ආශිර්වාදය ඔහුව සෑම අනතුරකින්ම ආරක්ෂා කරනවා. සතුරන් දියත් කරන සෑම ප්‍රහාරයක්ම අසාර්ථක වී එය ඔවුන්ගේම විනාශයට හේතු වන අතර, අවසානයේදී සතුරන් පවා ඔහුගේ මිතුරන් බවට පත්වෙනවා. නිකම්ම නිකම් මරාගන්න ඇක්ෂන් ෆිල්ම් එකකට වඩා ගැඹුරු ආධ්‍යාත්මික වටිනාකමක් සහ වීරත්වයක් ගැබ් වුණු කතාවක් මෙයින් දිගහැරෙනවා.