"Taandob" (2025) කියන්නේ බංග්ලාදේශ සිනමාවෙන් ආපු, වත්මන් දේශපාලනය සහ මාධ්‍ය කලාවේ තියෙන අඳුරු පැත්ත ගැන කතා කරන පට්ටම දේශපාලන ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ රස්සාවක් හොයාගෙන ගමෙන් ඩකා අගනුවරට එන හරිම අහිංසක තරුණයෙක් වටායි. මෙයා නොහිතපු වෙලාවක ලොකු දේශපාලන සහ මාධ්‍ය කුමන්ත්‍රණයකට මැදිහත් වෙනවා. රූපවාහිනී නාලිකාවකට එල්ල වුණු සන්නද්ධ ප්‍රහාරයක ප්‍රධාන සැකකරු විදියට හැමෝම අසාධාරණ ලෙස මෙයාගේ පිටින් වරද පටවනවා. ඉතින් තමන් නිවැරදිකරු කියලා ඔප්පු කරන්නත්, මේ හැමදේම පිටිපස්සේ ඉන්න දූෂිත දේශපාලන බලවේග ලෝකයට පෙන්වන්නත් මෙයාට ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙයා දන්නැති තවත් ලොකු අනතුරක් සෙවනැලි අතරේ හැංගිලා තියෙනවා. ඒ තමයි, මේ තරුණයාගේම අනන්‍යතාවය පාවිච්චි කරලා මුළු රටම අර්බුදයකට හෙළන්න බලාගෙන ඉන්න තවත් අද්භූත පුද්ගලයෙක් මේ අතරේ මාන බලමින් සිටීමයි. මෙහි ප්‍රධාන චරිතය කරන්නේ බංග්ලාදේශ සිනමාවේ මෙගාස්ටාර් වෙන ශකීබ් ඛාන්. එයා මේ ෆිල්ම් එකේ ද්විත්ව භූමිකාවකින් (Double Role) පෙනී සිටිමින් පට්ටම රංගනයක් ඉදිරිපත් කරනවා. එක පැත්තකින් අහිංසක ගැමියාගේ චරිතයත්, අනිත් පැත්තෙන් සෙවනැලි අතර ඉන්න භයානක චරිතයත් එයා එකිනෙකට වෙනස්ම විදියට රඟපානවා. ප්‍රවීණ නිළි ජයා අහ්සාන් සහ සබීලා නූර්ගේ රංගනයත් කතාවේ ගැඹුර තවත් වැඩි කරනවා. අධ්‍යක්ෂක රයිහාන් රෆී සහ ශකීබ් ඛාන් එකතු වෙලා කරපු ‘Toofan’ ෆිල්ම් එකේ දැවැන්ත සාර්ථකත්වයට පස්සේ, ඔවුන් දෙන්නගේ සුසලිත එකතුවෙන් බිහිවුණු තවත් එක් අතිසාර්ථක සිනමා කෘතියක් තමයි මේක. 2025 අවුරුද්දේ ඊද් උත්සව සමයේ තිරගත වෙලා වාර්තාගත ආදායමක් ගත්ත මේ ෆිල්ම් එකේ තියෙන ත්‍රාසජනක හඹායාම් සහ වෙඩි හුවමාරු දර්ශන සඳහා හොලිවුඩ් ස්ටයිල් එකේ කැමරාකරණයක් සහ පසුබිම් සංගීතයක් පාවිච්ති කරලා තියෙනවා. ඉතින් දේශපාලන කුමන්ත්‍රණ වගේම අවසාන මොහොත වෙනකම්ම කුතුහලයෙන් පිරුණු සුපිරි ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අයට මේක මඟඇරගන්නම බැරි නියම ෆිල්ම් එකක්.