සෝෂල් මීඩියාවල ප්‍රසිද්ධ වෙන්න අද කාලේ කොල්ලෝ කරන පිස්සු වැඩ දන්නවනේ. අන්න ඒ වගේ වැඩක් කරන්න ගිහින් අමාරුවේ වැටෙන කොල්ලෙක් ගැන තමයි මේ "Seat Edge (2026)" කතාව තියෙන්නේ. මෙයා කරන්නේ හොල්මන් තියෙනවා කියන තැන්වලට ගිහින් ඒක ලයිව් (Livestream) කරන එක. මුලින් නම් මේක නිකන් විහිළුවට වගේ කරාට, එක රැයකින් වැඩේ වෙනස් වෙන්නේ සැබෑ අද්භූත බලවේගයක් එයාට මුණගැහුණට පස්සේ. ඉතින් ඒ වෙලාවේ ඉඳන් තමන්ගේ ජීවිතේ බේරගන්න කරන සටන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. කන්නඩ සිනමාවෙන් මේ වගේ ෆිල්ම් එකක් ආපු එක නම් පුදුමයි. අද තියෙන සෝෂල් මීඩියා පිස්සුවයි, බය හිතෙන හොල්මන් කතාවයි ලස්සනට මික්ස් කරලා තියෙනවා. IMDb රේටින්ග් එක 9.0ක් වගේ ඉහළ අගයක් තියෙන එකෙන් පේනවනේ ෆිල්ම් එක කොච්චර පට්ටද කියලා. ෆිල්ම් එක පටන් ගත්තේ හිනාවෙන්න පුළුවන් විදියට වුණාට, අන්තිම ටික නම් ඇස් පියගහන්නවත් බැරි තරමට බයයි. මේකේ ප්‍රධාන චරිතේ කරන Puneeth Babu ගේ රංගනය පට්ට. ඒ වගේම කැමරා ඇන්ගල්ස් යූස් කරලා තියෙන විදිය නිසා අපිටත් හිතෙන්නේ අපිත් ඒ හොල්මන් තියෙන තැන එයා එක්කම ඉන්නවා වගේ හැඟීමක්. අඳුරු මීදුම් පිරිච්ච ඒ වටපිටාව බය හිතෙන විදියටම පෙන්නලා තියෙනවා. කතාවෙ නම් අමුතුම අත්දැකීමක් තියෙනවා. හොල්මන් ෆිල්ම් බලන්න ආස අයට නම් මේක මගෑරගන්නම බැරි එකක්.