දරුණු පාතාල ලෝකයක හිරවෙලා, ණය බරින් සහ විවිධ අපරාධ ජාලවලට කොටු වෙලා ඉන්න සමාන වයසේ පසුවෙන යෙහෙළියන් දෙන්නෙක් තමන්ගේ ජීවිත වෙනස් කරගන්න කරන දැවැන්ත රන් මංකොල්ලයක් වටා තමයි "Project Y" චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ. පසුගිය ජනවාරි 21 වෙනිදා තිරගත වුණු, විනාඩි 109ක් (පැය 1යි විනාඩි 49ක්) පුරා දිවෙන මේ දකුණු කොරියානු ක්‍රයිම් ඩ්‍රාමා (Crime, Drama) චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.1ක සාධාරණ හොඳ ප්‍රේක්ෂක අගයක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, මේ තරුණියන් දෙන්නාගේ එකම හීනය වෙන්නේ මේ අඳුරු අපරාධ ජීවිතයෙන් මිදිලා, නිදහසේ යුරෝපයේ සංචාරය කරන්න (Backpacking යන්න) එකතු වෙලා යන එකයි. මේ හීනය සැබෑ කරගන්න සල්ලි ඕන නිසා ඔවුන් දෙන්නා එකතු වෙලා ඇමරිකානු ඩොලර් මිලියන 6ක් වටිනා රන් කුට්ටි තොගයක් මංකොල්ල කන්න අතිශය අවදානම් සහගත සැලසුමක් හදනවා. හැබැයි දරුණු පාතාල ලොක්කන් සන්තකයේ තියෙන මේ රත්තරන් ටික හොරකම් කරලා, ඔවුන්ගෙන් බේරිලා පලා යන එක ඔවුන් හිතන තරම් ලෙහෙසි වෙන්නේ නැහැ. මංකොල්ලයෙන් පස්සේ මුළු පාතාලයම මේ කෙල්ලෝ දෙන්නා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මෙහි ප්‍රධාන චරිත සඳහා කොරියානු සිනමාවේ අතිශය ජනප්‍රිය වගේම දක්ෂ නිළියන් දෙපලක් වන හන් සෝ-හි (Han So-hee) සහ ජියෝන් ජොන්-සෝ (Jeon Jong-seo) රංගනයෙන් දායක වෙනවා. ඔවුන්ට අමතරව කිම් ෂින්-රොක් (Kim Shin-rock) ද මෙහි ප්‍රබල රංගනයක නිරත වෙනවා. වේගවත් ක්‍රියාදාම ජවනිකා (Action scenes) සහ ප්‍රධාන නිළියන් දෙදෙනාගේ දක්ෂ රංගනය නිසා කුතුහලය මුල සිට අගටම පවත්වාගෙන යන, වේගයෙන් ගලා යන ත්‍රිලර් (Fast-paced thriller) කතා නැරඹීමට කැමති රසිකයන්ට මේ කොරියානු චිත්‍රපටය හොඳ තේරීමක් වෙයි.