Streamx.lk

Prakambanam

HD 128 min 2026

Prakambanam

3.8

කාලෙකින් බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන්, ඒ වගේම මාරම පිස්සු කතාවක් තියෙන මලයාලම් ෆිල්ම් එකක් බලන්න ආසාවෙන් හිටපු අයට මෙන්න නියම භාණ්ඩයක් ඇවිත් තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි අග සිනමාහල්වලට ඇවිත් සෑහෙන ආදායමක් උපයපු, පසුගිය මැයි 13 වෙනිදා ඩිජිටල් මාධ්‍යයට නිකුත් වුණු "Prakambanam" චිත්‍රපටිය ගැන තමයි මේ කියන්න යන්නේ. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා හොයපු මේ චිත්‍රපටිය, විචාරකයන් අතර නම් 3.8ක වගේ මධ්‍යස්ථ අගයක් තමයි ගෙන තිබෙන්නේ. හැබැයි හාස්‍යජනක සිනමාපටවලට ආදරය කරන සාමාන්‍ය ප්‍රේක්ෂකයන් අතර නම් මේක මේ දවස්වල සෑහෙන ජනප්‍රියයි. විජේෂ් පනතූර්ගේ (Vijesh Panathur) අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ කතාව පටන් ගන්නේ කැම්පස් එකේ ඉගෙනගන්න එකිනෙකට වෙනස් යාළුවෝ තුන්දෙනෙක්ගෙන්. මේ අතරින් සිද්දු කියන කොල්ලාගේ ආච්චි හදිසියේම මියයන නිසා එයා අවසන් කටයුතුවලට ගමට යනවා. හැමදේම ඉවර වුණාට පස්සේ සිද්දුගේ සීයා එයාට පොඩි බෝතලයක් දෙනවා. ඒකේ තියෙන්නේ ආච්චිගේ භෂ්මාවශේෂ (අළු). සීයා සිද්දුට කියන්නේ මේවා ගිහින් ගඟකට දාලා ආගමික වත්පිළිවෙත් ටික ඉවර කරන්න කියලා. ඉතින් සිද්දුත් මේක කාටවත් නොකියා තමන්ගේ බෑග් එකේ දාගෙන ආපහු කැම්පස් එකට අරන් එනවා. හැබැයි සේරම සෙල්ලම් පටන් ගන්නේ මෙතනින්. සිද්දුගේ කාමරේ ඉන්න "පුන්‍යාලන්" කියන යාළුවා මේ බෝතලේ තියෙන සුදු පාට කුඩු ටික දැකලා, ඒක හොර රහසේ පාවිච්චි කරන මත්ද්‍රව්‍ය (කුඩු) ජාතියක් කියලා වරදවා වටහා ගන්නවා. මිනිහා කරන්නේ කාටත් හොරෙන් මේ ආච්චිගේ අළු ටික නහයෙන් ඇදලා (snort) දාන එකයි. මළගිය ආච්චිගේ අළු නහයෙන් ඇද්දට පස්සේ ඒ යාළුවාටයි, මුළු කැම්පස් එකටයි සිද්ධ වෙන අද්භූත වගේම පිස්සු හැදෙන සිදුවීම් මාලාව තමයි මිනිත්තු 128ක් පුරා දිවෙන මේ Horror Comedy කතාවෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. රාජේෂ්, මාධවන් සාගර්, සූර්යා ශීතල් සහ ජෝසප් වැනි නළු නිළියන්ගේ අපූරු රංගනයෙන් වගේම කිසිම කම්මැලිකමක් නැති තිර රචනයකින් මේක සමන්විතයි. මේ දවස්වල සෝෂල් මීඩියා පුරාම ලොකු අවධානයක් ලැබිලා තියෙන, යාළුවෝ සෙට් එකක් එක්ක එකතු වෙලා ජොලියේ බලන්න කියාපු මේ මලයාලම් චිත්‍රපටිය ඔයාලත් මඟනොහැරම රසවිඳින්න.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie