ලෝක ප්‍රසිද්ධ "Peaky Blinders" ටෙලි කථා මාලාව බලපු කාටවත් ටොමී ෂෙල්බිව (Tommy Shelby) අමතක වෙන්න විදිහක් නැහැනේ. සීරීස් එක අන්තිමේදී තමන්ගේ මරණය බොරුවට මවලා හැංගිලා ගියපු ටොමීගේ ඊළඟ පරිච්ඡේදය තමයි පසුගිය මාර්තු මාසයේදී තිරගත වුණු "Peaky Blinders: The Immortal Man" චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. IMDb එකේ 7.2ක වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වුණු මේ බ්‍රිතාන්‍ය ක්‍රයිම් ඩ්‍රාමා චිත්‍රපටය, විනාඩි 112ක් පුරාවටම ප්‍රේක්ෂකයන්ව දැඩි කුතුහලයකින් තියාගන්න සමත් වෙලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, මේක සිද්ධ වෙන්නේ 1940 ගණන්වල, ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය දරුණුවටම යන කාල වකවානුවේදීයි. සමාජයෙන් ඈත් වෙලා හුදෙකලාව ඉන්න ටොමී, තමන්ගේ අතීතයේ වුණු කටුක මතකයන් සහ දුවගේ මරණයෙන් ඇතිවුණු කණගාටුව මකාගන්න තමන්ගේ ජීවිත කතාව පොතකට ලියමින් සාමකාමීව ඉන්නයි උත්සාහ කරන්නේ. හැබැයි ෂෙල්බි පවුලේ අඳුරු අතීතය එයාට ලේසියෙන් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. ටොමීගේ පුතා වෙන ඩියුක්, දැන් පීකී බ්ලයින්ඩර්ස් කල්ලියේ පාලනය තමන්ගේ අතට අරගෙන ඒක සෑහෙන විනාශකාරී පැත්තකට මෙහෙයවමින් ඉන්නවා. ඔය අතරේ බ්‍රිතාන්‍ය ආර්ථිකය සම්පූර්ණයෙන්ම වට්ටන්න හදන නාසි හමුදාවේ මහා පරිමාණ හොර සල්ලි ජාවාරමකුත් මේකට පටලැවෙනවා. මේ හැම අවුලක්ම නිසා තමන්ගේ පවුල බේරගන්න ටොමීට ආයෙමත් වතාවක් තමන් අකමැතිම පරණ පාතාල ලෝකෙටම බහින්න සිද්ධ වෙනවා. හැබැයි මෙදා පාර සටන තියෙන්නේ සාමාන්‍ය පාරේ ඉන්න මැරයෝ එක්ක නෙවෙයි, ඊට වඩා සෑහෙන බලවත් දේශපාලනික සහ යුධමය බලවේග එක්කයි. මේ චිත්‍රපටයට බාරි කියෝගන් (Barry Keoghan), රෙබෙකා ෆර්ගියුසන් වගේම ටිම් රොත් (Tim Roth) වැනි සුපිරි හොලිවුඩ් නළු නිළියන් සෙට් එකක්ම අලුතින් එකතු වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට පණ පොවන්නේ ටිම් රොත් විසිනුයි. පීකී බ්ලයින්ඩර්ස් සීරීස් එකේ තිබුණු ඒ අඳුරු ගැන්ස්ටර් (Dark Gangster) වයිබ් එක ඒ විදිහටම තියාගෙන, ටොමී ෂෙල්බිගේ කතාවේ අවසානය කොහොම වෙයිද කියලා බලාගන්න ඔයාලත් මේ අපූරු සිනමාපටය නරඹලාම බලන්න.