මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු යාවත්කාලින කරනු ලැබේ.
සිනමා ලෝලීන් හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු සූරියාගේ සහ ත්‍රිෂාගේ අලුත්ම වැඩේ තමයි “Karuppu” (2026) චිත්‍රපටය. මේක රිලීස් වෙච්ච දවසේ ඉඳන්ම සිනමා ලෝකේ ලොකු කතාවක් වෙලා තියෙන්නේ. 2026 මැයි 15 දා තිරගත වෙන්න පටන් ගත්ත මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, ඇක්ෂන්, මිස්ට්‍රි, දේශපාලන කතා ඔක්කොම එකට තියෙන පට්ටම අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. RJ Balaji ගේ අධ්‍යක්ෂණයෙන් එන මේ ෆිල්ම් එකේ රඟපාන සෙට් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, සූරියා සහ ත්‍රිෂා කියන්නේ ඉතින් සුපිරිම කොම්බෝ එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ කැමරා වැඩේ ගැන, ගමේ තියෙන අභිරහස් වගේම දෙවියන්ගේ බලය පෙන්නන්න යොදාගෙන තියෙන අඳුරු වර්ණ සහ ආලෝකය හසුරුවලා තියෙන විදිය මාරම තාත්විකයි. ඒ. ආර්. රහ්මාන්ගේ මියුසික් ගැන කියනවා නම් ඉතින් අහන්න දෙයක් නැහැ, ෆිල්ම් එකේ ත්‍රාසජනක අවස්ථා වලට BGM එක හරියටම මැච් වෙනවා. කතාව ගැන බැලුවොත්, සමාජයේ තියෙන දූෂිත නීති පද්ධතිය සහ අහිංසක මිනිස්සුන්ට වෙන අසාධාරණය තමයි මේකේ මූලිකම දේ. බලවතුන් ඉස්සරහා නීතිය පවා නැමෙන තැනක, ‘කරුප්පුස්වාමි’ දේව සංකල්පය පෙරදැරි කරගෙන සූරියා තනියම කරන සටන සැබවින්ම විශ්මයජනකයි. නීතියෙන් ගැලවෙන එවුන්ට ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබෙන විදිය මේකේ පෙන්නනකොට ඇඟ හිරිවැටිලා යනවා. අනිත් එක තමයි මේකේ ආදායම් වාර්තා, රිලීස් වෙලා දවස් කිහිපයක් ඇතුළත ලෝක ව්‍යාප්තව රුපියල් කෝටි 175.96කට වැඩියි. ඉන්දියාවේ විතරක් කෝටි 105.35ක් හොයලා තියෙනවා කියන්නේ මේ අවුරුද්දේ වැඩිම ආදායමක් ලැබූ දමිළ ෆිල්ම් එක විදියට මේක වාර්තා පොතටත් එකතු වුණා. සූරියාගේ පරණ ෆිල්ම් වලට වඩා මේක සාර්ථකම එකක් විදියට හැමෝම කතා වෙනවා. ඉතින් ආක්ෂන්, කුතුහලය පිරුණු සමාජ පණිවිඩයක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේක අනිවාර්යයෙන්ම බලන්න කියන්න පුළුවන්. ඇත්තටම මේක දමිළ සිනමාවේ ලොකු වෙනසක් වගේම නීතිය සහ යුක්තිය අතර තියෙන පරතරය හොඳට පෙන්නන පට්ටම කතාවක්.