කාලවකවානු දෙකක් (Timelines) ඔස්සේ දිවෙන, පුනරුත්පත්තිය (Reincarnation) සහ පරම්පරාගත පළිගැනීමක් තේමා කරගත්තු අලුත්ම ඉන්දියානු සිනමාපටයක් තමයි "Karikaada" කියන්නේ. පසුගිය 2026 පෙබරවාරි 6 වෙනිදා තිරගත වුණු, විනාඩි 140ක් පුරා දිවෙන මේ ඇක්ෂන් කොමඩි (Action, Comedy) චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙන අතර IMDb දර්ශකයේ 7.6ක වැනි ඉහළ අගයක් ලබාගැනීමටත් සමත් වෙලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන පසුබිම නිර්මාණය වෙන්නේ 1992 වර්ෂයේ "කල්සාපුර" කියන ගම මුල් කරගෙනයි. ගමේ ඉන්න කාටවත්ම බය නැති, වල් ඌරන් දඩයම් කිරීමට අතිශය දක්ෂයෙක් වන "කාඩා" (Kaada Natraj) වටා තමයි මුල් කතාව ගෙතෙන්නේ. මේ දඩයක්කාරයාට ආදරය කරන ගමේ ඉන්න අහිංසක කෙල්ල තමයි කනකා (Niriksha Shetty). හැබැයි කනකාගේ පවුලේ ප්‍රධානියා වෙන භූපතිට අවශ්‍ය වෙන්නේ ඇයව තමන්ගේ පුතා වන, ගමේ ඉන්න දරුණු දාමරිකයෙක් වෙන මල්ලි (Yash Shetty) ට බන්දලා දෙන්නයි. මේ බලහත්කාරී තීරණය නිසා කාඩා සහ මල්ලි අතරේ ඇතිවෙන ගැටුම, පසුව කුල භේද, ඉඩම් ආරවුල් සහ දරුණු මිනීමැරුම් දක්වාම දුරදිග යනවා. 1992 දී සිද්ධ වුණු මේ අඳුරු, ලේ වැගිරුණු අතීත කතාව පුනරුත්පත්තියක් හරහා වර්තමාන කාලයට සම්බන්ධ වෙන්නේ කොහොමද සහ අතීතයේ ඉතිරි වුණු පළිගැනීම් වර්තමානයේදී පියවෙන්නේ කොහොමද කියන එක තමයි චිත්‍රපටයේ තියෙන ලොකුම අභිරහස වෙන්නේ. මෙහි විශේෂත්වය තමයි, චිත්‍රපටයේ කතාව ලියා ප්‍රධාන චරිතයට පණ පොවන්නේද කාඩා නට්රාජ් (Kaada Natraj) විසින්ම වීමයි. කේ. වෙන්කටේෂ් (K. Venkatesh) ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙහි කාල වකවානු සහ Timelines නිතරම මාරු වෙන නිසා කතාවේ ගලායාම තරමක් සංකීර්ණ ස්වභාවයක් ගත්තත්, එහි ඇතුළත් කර තිබෙන ඉහළ ක්‍රියාදාම ජවනිකා (Action scenes) සහ කුතුහලය නිසා කම්මැලිකමකින් තොරව එක හුස්මට නරඹන්න පුළුවන්. අතීත-වර්තමාන බැඳීම් සහ පළිගැනීමේ කතාවලට ආස රසිකයන්ට මේක හොඳ සිනමා අත්දැකීමක් වෙයි.