Streamx.lk

Ikk Kudi

HD 123 min 2025

Ikk Kudi

0.0

වකවානු දෙකක දිවෙන ආදර කතා දෙකක් එකතු කරලා නිර්මාණය වුණු "Ikk Kudi" කියන්නේ 2025 වසරේදී තිරගත වුණු අපූරු පන්ජාබි කොමඩි ඩ්‍රාමා චිත්‍රපටයක්. අමර්ජිත් සිං සරොන් (Amarjit Singh Saron) විසින් අධ්‍යක්ෂණය කරපු මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ජනප්‍රිය නිළි ෂෙහ්නාස් ගිල් (Shehnaaz Gill) විසිනුයි. කතාවේ ප්‍රධාන චරිතය වෙන සිම්මිගේ පවුලේ හැමෝගෙම විවාහ ජීවිත අසාර්ථක වෙලයි තියෙන්නේ. ආච්චි, තාත්තා වගේම නැන්දගේ පවුල් ජීවිතත් ප්‍රශ්න වැලක් වීම නිසා සිම්මි ඉන්නේ කසාද බඳින්න ලොකු බයකින්. හැබැයි ගෙදරින් ඇයට ගැලපෙන, උගත්, පෝසත් වගේම ගතිගුණ හොඳ ජග්වීර් (Udaybir Sandhu) කියන තරුණයව යෝජනා කළාම ඇය ඒකට කැමති වෙනවා. නමුත් විවාහයට දින කිහිපයක් තියෙද්දී සිම්මිගේ හිතේ තිබුණු අර පැරණි බය ආයෙමත් මතු වෙන්න ගන්නවා. මඟුල් වැඩ වලට ලොකු මුදලක් වියදම් කරලා තිබුණත්, ජග්වීර් ගැන තවදුරටත් හොයලා බලන්නේ නැතුව විවාහ වෙන්නේ නැහැ කියලා ඇය තීරණය කරනවා. ඊටපස්සේ සිම්මි ඇතුළු පවුලේ අය අපූරු සැලසුමක් හදනවා. ඒ තමයි ආච්චිගේ අසනීපෙකට බෙහෙත් ගන්න මුවාවෙන් දවස් කිහිපයකට ජග්වීර්ලාගේ ගමට ගිහින් නතර වෙන එක. එතනින් එහාට සිම්මි ඇතුළු පිරිස ජග්වීර්ගේ ගමේදී කරන වැඩ නිසා කතාවට ලොකු හාස්‍යයක් එකතු වෙනවා. මෙහි වකවානු දෙකෙහිම එන තේජෝ සහ සිම්මි කියන චරිත දෙකටම පණ පොවන ෂෙහ්නාස් ගිල්ගේ රංගනය විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක්ව තිබෙනවා. ඇයට අමතරව නිර්මල් රිෂි, ගුර්ජෑස් සහ ජස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. පවුලේ හැමෝටම එකට ඉඳලා රසවිඳින්න පුළුවන් සරල, ලස්සන පන්ජාබි සිනමා නිර්මාණයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.

Country
Genre
Released
13 Jun, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie