Streamx.lk

Dirty Hands

HD 80 min 2026

Dirty Hands

4.3

සහෝදරයන් දෙන්නෙක් පාතාලයේ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් මැදට ගොස් කරගන්නා මාරාන්තික වැරැද්දක් සහ ඉන් බේරීමට කරන සටනක් වටා තමයි "Dirty Hands" චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ. පසුගිය අප්‍රේල් 24 වෙනිදා තිරගත වුණු මේ හොලිවුඩ් ඇක්ෂන් ත්‍රිලර් (Action, Thriller) චිත්‍රපටයට IMDb එකේ ලැබිලා තියෙන්නේ 4.5ක මධ්‍යස්ථ රේටින් එකක්. කතාව පැත්තට හැරුණොත්, රිචී (Richie) සහ ඩැනී (Danny) කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්. ලොකු සහෝදරයා රිචී හැමදේම කල්පනාවෙන් බේරලා කරන කෙනෙක් වුණත්, මල්ලි ඩැනී කියන්නේ හිතුවක්කාර, නිතරම ප්‍රශ්න පටලවා ගන්නා ජාතියේ කෙනෙක්. මුන් දෙන්නගේ පාතාල බොස් වෙන ඩැලී (Michael Beach) මෙයාලට සාමාන්‍ය මත්ද්‍රව්‍ය පාර්සලයක් අරන් එන්න (Drug pickup) රාජකාරියක් පවරනවා. හැබැයි ඒ ගනුදෙනුව සිද්ධවෙන තැනදී ඩැනී අතින් සිද්ධවෙන්නේ ලොකුම මෝඩකමක්. එතැනදී ඇතිවෙන බහින්බස්වීමක් දුරදිග ගිහින්, චිකාගෝ නුවර ප්‍රබලම පාතාල කල්ලි නායකයෙක් වෙන "ෆිසාරෝ" ගේ පුතාට වෙඩි තියන්න ඩැනීට සිද්ධ වෙනවා. මෙතනින් පස්සේ මේ සහෝදරයෝ දෙන්නට හැංගෙන්න මුළු චිකාගෝ නගරයේම ආරක්ෂිත තැනක් නැතිවෙනවා. මොකද ෆිසාරෝගේ කල්ලිය විතරක් නෙවෙයි, මෙයාලගේම බොස් වෙන ඩැලී පවා තමන්ගේ ඇඟ බේරගන්න ඕනේ නිසා මේ සහෝදරයෝ දෙන්නව මරලා දාන්න පස්සෙන් පන්නනවා. මල්ලි කරපු මෝඩ වැඩේ නිසා රිචීටත් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයිද, හැම පැත්තෙන්ම එන සතුරන්ගෙන් බේරිලා මේ සහෝදරයන් දෙන්නට පසුදා උදෑසන දකින්න පණ පිටින් ඉතිරි වෙන්න පුළුවන් වෙයිද කියන එක තමයි කතාව පුරාම දිගහැරෙන්නේ. නගරයක් ඇතුළත සිදුවන දරුණු හඹායාම් සහ පාතාල වලි බලන්න ආස අයට ගැලපෙන කතාවක්.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie