Streamx.lk

Bad Men Must Bleed

HD 111 min 2026

Bad Men Must Bleed

5.0

කුඩා ගැහැණු ළමයෙකුයි, සමාජයෙන් පලායන දරුණු අපරාධකරුවෙකුයි එකතු වෙලා මැර කල්ලියකට විරුද්ධව ගේමක් ඉල්ලන වෙනස්ම ආරක හොලිවුඩ් චිත්‍රපටයක් තමයි "Bad Men Must Bleed" කියන්නේ. පසුගිය මාර්තු 12 වෙනිදා තිරගත වුණු, විනාඩි 111ක් දිවෙන මේ චිත්‍රපටය අයිති වෙන්නේ වෙස්ටර්න්, ක්‍රයිම් ත්‍රිලර් (Western, Crime Thriller) කියන ගණයටයි. IMDb එකේ මේකට ලැබිලා තියෙන්නේ 5.0ක වැනි සාධාරණ මධ්‍යස්ථ රේටින් එකක්. මයිකා ලියොන්ස්ගේ (Micah Lyons) අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් හැඩවුණු මේ කතාව ගෙතෙන්නේ "එමා වොලස්" කියන පුංචි දැරිය වටායි. මේ චරිතය කරන්නේ Avengers: Endgame චිත්‍රපටයේ අයන් මෑන්ගේ දුවට රඟපෑපු ලෙක්සි රේබ් (Lexi Rabe) විසිනුයි. කතාවේ හැටියට, එමාගේ මුළු පවුලම "හැරිසන් ග්‍රිග්ස්" කියන අතිශය කුරිරු මැරයා සහ එයාගේ කල්ලිය විසින් අමු අමුවේ ඝාතනය කරනවා. මුළු ලෝකෙන්ම තනිවෙන මේ පුංචි දැරියට තමන්ගේ ජීවිතය බේරාගන්න දඟලන අතරතුරේදී අහම්බෙන් මුණගැහෙන්නේ "ඇඩම් ලින්ච්" කියන අමුතුම මනුස්සයෙක්ව. මූ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි; සිවිල් යුද්ධයට සම්බන්ධ වුණු ප්‍රවීණයෙක් වගේම, දැනට නීතියෙන් පලායන අපරාධකරුවෙක්. මිනිහාගේ තියෙන රළු වගේම බියකරු ගතිගුණ නිසා හැමෝම එයාට කියන්නේ ‘The Butcher’ (මස් වැද්දා) කියලයි. තමන්ගේ පවුල විනාශ කරපු අයගෙන් පළිගන්න ඕනේ කියන දැඩි වෛරයෙන් ඉන්න මේ පුංචි දැරියයි, කාටවත් නැවෙන්නේ නැති අර දරුණු අපරාධකාරයයි අවසානයේදී එකතු වෙනවා. මේ නොගැලපෙන යුගලයේ ඊළඟ ටාගට් එක වෙන්නේ අර හැරිසන් ග්‍රිග්ස් සහ ඔහුගේ මැර කල්ලියයි. මේ මැරයෝ "Pine Moore" කියන මුළු නගරයම තමන්ගේ ධනය හා බලය පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නයි ලෑස්ති වෙන්නේ. නගරයම විනාශ වෙන්න කලින්, තමන්ගේ පවුලේ මරණයට සාධාරණයක් ඉටුකරගන්න මේ දැරිය සහ ඇඩම් එකතු වෙලා දරුණු මැර කල්ලියට එරෙහිව කරන මාරාන්තික සටන කොහොම කෙළවර වෙයිද කියලා ඔයාලම නරඹලා දැනගන්න. කව්බෝයි වයිබ් එකක් එක්ක (Cowboy style) තියුණු හඹායාම් සහ වෙඩි තැබීම් බලන්න ආස අයට මේක බලන්න පුළුවන් කතාවක්.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie
Mike & Nick & Nick & Alice
107 min 2026

Mike & Nick & Nick & Alice

Comedy Movie
Vadh 2
131 min 2026

Vadh 2

Crime Movie