කාර්තික්... එයා හරිම නිදහස් කොල්ලෙක්. නීති රීති, හෙට ගැන බයක් නැති රස්තියාදුකාරයෙක්. හැබැයි එයාගේ ලෝකේ පරම සතුරා වුණත් එයාගේ පවුලේ කෙනෙක්ට අත තිබ්බොත් එතනින් එහාට එයා මනුස්සයෙක් නෙවෙයි, රකුසෙක්! එයාගේ අක්කා කස්තුරි නීතීඥවරියක් විදියට සමාජ අසාධාරණයට එරෙහිව සටන් කරද්දී, එයාට එරෙහිව එන මැර කල්ලි පාලනය කරන්න කාර්තික් ගන්න තීරණය තමයි මේ මුළු ෆිල්ම් එකේම හදවත. මේක Naga Shaurya ගේ වෙනස්ම 'Mass' රංගනයක්. අර කලින් දකින අහිංසක පෙම්වතා වගේ නෙවෙයි, තමන්ගේ සහෝදරිය වෙනුවෙන් ඕනම දේකට බහින කාර්තික්ව ඔයාලට මේකේ බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම Samuthirakani, Vennela Kishore වගේ ප්‍රවීණයෝ ටිකක් ඉන්න හින්දා කතාවේ බරපතලකම හොඳටම තියෙනවා. හරිම වේගවත් ඇක්ෂන් සීන්ස් ටිකක් වගේම, පවුලේ බැඳීම ගැන ලස්සන දේවල් ටිකකුත් මේකේ තියෙනවා. සමහර විචාරකයෝ කියන විදියට මේක පරණ ස්ටයිල් එකේ කතාවක් වෙන්න පුළුවන්. හැබැයි මම අහන්නේ, අපේම පවුලේ කතාවක් වගේ දැනෙන, දකිනකොට ඇඟට ගැම්මක් එන තෙළිඟු 'Mass Masala' එකක් බලන්න ආස නැද්ද? ඔයාට ඕනේ ඔලුව නිදහස් කරගෙන, ජැන්ගි පටලවාගන්නේ නැතුව එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක් නම්, මේක ඒකට හොඳම චොයිස් එක.බලලා ඉවර වෙලා ඔයාට මොකද හිතුණේ? අපේ අදහසට ඔයා එකඟද? කමෙන්ට් එකක් දාගෙනම යන්න!