"Animal Farm" (2026) කියන්නේ ජෝර්ජ් ඕවල්ගේ ලෝක ප්‍රසිද්ධ දේශපාලන උපහාසාත්මක නවකතාව ඇසුරින් නූතන සජීවීකරණ (Computer Animation) තාක්ෂණය පාවිච්චි කරලා හදපු පට්ටම ෆිල්ම් එකක්. කතාව යන්නේ මිනිස්සුන්ගේ පාලනයෙන් සහ පීඩනයෙන් බේරෙන්න එකතු වෙලා ලොකු විප්ලවයක් කරන ගොවිපළක සත්තු ටිකක් වටායි. මිනිස්සුන්ව පන්නලා දාලා මේ විප්ලවය දිනුවට පස්සේ, ගොවිපළේ පාලන බලය ඌරන් කණ්ඩායමක් විසින් තමන්ගේ අතට ගන්නවා. මුලින්ම හැම සතෙකුටම සමාන අයිතිවාසිකම් දෙනවා කියලා කිව්වත්, බලලෝභීකම නිසා මේ ඌරන් ටික හෙමින් සැරේ මුළු ගොවිපළම අතිශය දරුණු ඒකාධිපති පාලනයක් කරා අරන් යනවා. "සියලුම සතුන් සමානයි, නමුත් සමහර සතුන් අනෙක් අයට වඩා සමානයි" කියන සුප්‍රසිද්ධ වැකිය වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ. ළමා කතාවක් වගේ පෙනුණට, සතුන්ගේ ලෝකයක් හරහා දේශපාලන ක්‍රමවේද ඇතුළේ තියෙන දූෂණය සහ සමාජ අසමානතාවය මේකෙන් පට්ටම ඩාර්ක් කොමඩි (Dark Comedy) ස්වරූපයෙන් උපහාසාත්මකව පෙන්වනවා. "Lord of the Rings" සහ "Planet of the Apes" ෆිල්ම් හරහා ලෝකෙම දන්නා ඇන්ඩි සර්කිස් (Andy Serkis) තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම සෙත් රෝගන්, ගේටන් මැටරාසෝ, ස්ටීව් බුසෙමි සහ ග්ලෙන් ක්ලෝස් වගේ හොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් මෙහි ඉන්න සත්ව චරිතවලට හඬින් දායක වෙලා තියෙනවා. මුල් පොතේ තිබුණු දැඩි දේශපාලන බර සහ අඳුරු ගතිය මේ සජීවීකරණ රටාව ඇතුළේ පොඩ්ඩක් වෙනස් වුණු නිසා විචාරකයින් අතර මේකට සෑහෙන්න අඩු රේටින්ග්ස් ලැබුණත්, ජෝර්ජ් ඕවල්ගේ මේ සර්වකාලීන ලස්සන කතාව අලුත් විදියකට බලාගන්න වගේම සමාජ-දේශපාලන උපහාස කතාවලට ආස අයට කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.