තමන්ගේ විවාහ මංගල්‍යය දවස කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම දවස. ඒත් 2026 වසරේ තිරගත වුණු An Enemy Within චිත්‍රපටයේ කේලබ් වින්ගේට් කියන තරුණයාට නම් මේ දවස මුළු ජීවිතයටම අමතක නොවන භයානක රාත්‍රියක් බවට පත්වෙනවා. මංගල සාදය උපරිමයෙන්ම පැවැත්වෙන අතරතුරේදී කේලබ්ට නාඳුනන අංකයකින් අද්භූත දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමෙන් කියන්නේ මධ්‍යම රාත්‍රිය වෙන්න කලින් තමන්ගේම අලුත් මාමණ්ඩියාව ඝාතනය කරන්න කියලා. එහෙම නොකළොත්, ඔහුගේ ආදරණීය බිරිඳව ඝාතනය කරන බවටයි මරණීය තර්ජනය එල්ල වෙන්නේ. මුළු පවුලම එකම විශාල මන්දිරයක හිරවෙලා ඉද්දී, එළියේ ඉඳන් මේ හැමදෙයක්ම පාලනය කරන ‘The Wolf’ කියන ස්නයිපර්කරු කවුද? සල්ලි, බලය සහ කෑදරකම ඉස්සරහා පවුලක තියෙන බැඳීම් කොයි තරම් දරුණු විදිහට වෙනස් වෙයිද කියලා පැය 1කුත් විනාඩි 38ක් පුරා දිගහැරෙන මේ ත්‍රාසජනක (Thriller) සිනමාපටයෙන් බලාගන්න පුළුවන්. අධ්‍යක්ෂක John Michael Kennedy විසින් නිර්මාණය කරපු මේ චිත්‍රපටය බොහෝ දුරට එකම නිවසක් ඇතුළේ ගෙවී යන එකක් (Chamber Thriller). ඒ නිසාම චරිතවලට දැනෙන සිරවුණු ස්වභාවය සහ උත්සන්න වන මානසික පීඩනය ප්‍රේක්ෂකයාටත් ඒ විදිහටම දැනෙන විදිහට කැමරාකරණය හසුරුවා තිබීම විශේෂත්වයක්. මෙහි ප්‍රධාන චරිතය වන කේලබ් ලෙස සුප්‍රකට The Chronicles of Narnia චිත්‍රපට මාලාවේ 'පීටර්' ගේ චරිතයට පණ පෙවූ William Moseley විශිෂ්ට රංගනයක නිරත වන අතර, Patrick Baladi සහ Alexander Lincoln ඇතුළු පිරිසක් සහාය චරිත වලින් දායක වෙනවා. කතාවේ අවසානයට ලැබෙන Twist එක (කතා පෙරළිය) ඔයා කීයටවත් බලාපොරොත්තු නොවන එකක් වෙනවා නිසැකයි.