අස්තිනාපුරම් කියන අහිංසක ගම්මානයකට ලැබුණු බිහිසුණු ශාපයක් වටා ගෙතුණු පට්ටම දමිළ හොරර් (Horror/Thriller) ෆිල්ම් එකක් තමයි "The Black Bible" කියන්නේ. 2026 මාර්තු 27 වෙනිදා නිල වශයෙන් තිරගත වුණු, පැය 2කුත් විනාඩි 24ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මණිකාන්දන් රාමලිංගම් (Manikandan Ramalingam) විසිනුයි. කතාව පැත්තට හැරුණොත්: අඳුරු මායාකර්මයක් නිසා පරම්පරා ගණනාවක් තිස්සේ ගම්මුන් මරණයට බියෙන් ජීවත් වෙද්දී, ඒ බිහිසුණු අභිරහස පිටුපස තියෙන ඇත්ත කතාව හොයාගෙන යන්න තරුණයෙක් තීරණය කරනවා. තමන්ගේ ආදරණීය ජීවිතය බේරාගන්න ඔහු මේ මාරාන්තික අඳුරු බලවේගයට එරෙහිව කරන සටන තමයි මේ කතාවෙන් දිගහැරෙන්නේ. මොනා බෙඩ්‍රේ (Mona Bedre), එෆ්.ජේ (FJ) සහ අයිරා පාලක් (Ayraa Palak) ප්‍රධාන චරිතවලට පණ පොවන අතර, චන්දිනි තමිරාසන් සහ ශ්‍රීජා රවි ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරනවා. ඉතිහාසය සහ අද්භූත දේවල් එකට මුසු කරලා හදපු මේ චිත්‍රපටයේ බියකරු දර්ශන තල සහ පසුබිම් සංගීතය සැබෑ සිනමා ශාලාවක අත්දැකීමක් වගේ දැනෙනවා. අමුතුම ආකාරයේ මන්ත්‍ර ගුරුකම්, අඳුරු ශක්තීන් සහ කුතුහලය පිරුණු දර්ශනවලින් සමන්විත මේ ෆිල්ම් එක, හොරර් චිත්‍රපට වලට ආස කරන ඕනෑම කෙනෙක්ට මුල ඉඳන් අන්තිම වෙනකම්ම හුස්ම අල්ලන් බලන්න පුළුවන් පට්ටම සිනමා නිර්මාණයක්. පරම්පරාවෙන් පරම්පරාවට ආපු ඒ ශාපයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියන දේ ඔයාලම බලන්න ඕනේ.