කන්නඩ සිනමාවේ විහිළුයි බය හිතෙන දර්ශනයි එකට කලවම් කරලා හදපු, අමුතුම විදිහක හොල්මන් ගෙදරක හැංගිලා තියෙන දියමන්ති නිධානයක් හොයන සුපිරි හොරර් කොමඩි ෆිල්ම් එකක් තමයි "Choo Mantar" කියන්නේ. 2025 ජනවාරි 10 වෙනිදා තිරගත වුණු, IMDb එකේ 7.3ක වගේ පට්ටම ඉහළ ප්‍රතිචාරයක් දිනාගත්තු, පැය 2කුත් විනාඩි 22ක් දිග මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ Karvva ෆිල්ම් එක හදපු නවනීත් (Navaneeth) විසිනුයි. කතාව පැත්තට හැරුණොත්: හොල්මන් ගැන පරීක්ෂණ කරන ගෞතම් නැත්නම් ඩයිනමෝ, තමන්ගේ පිස්සු යාළුවෝ සෙට් එකත් එක්ක එකතු වෙලා නයිනිතාල්වල තියෙන දරුණුම හොල්මන් මන්දිරයක් වෙන “මෝගන් නිවසට” කාටත් හොරෙන් ඇතුළු වෙන්නේ ඒක ඇතුළේ හැංගිලා තියෙන ලොකු දියමන්ති නිධානයක් හොයාගන්නයි. හැබැයි ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඉඳන් ලේ වැගිරීම් සහ පාවාදීම් පිරුණු අතීතයක් තියෙන මේ මරණයේ නිවහන ඇතුළේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ කිසිසේත්ම හිතපු නැති දරුණු අද්භූත බලවේගයන්ටයි. කන්නඩ සිනමාවේ කොමඩි රජා විදිහට හඳුන්වන ශරන් (Sharan) මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර චික්කන්නා (Chikkanna), අදිති ප්‍රභුදේවා (Aditi Prabhudeva) සහ මේඝනා ගාඕන්කර් (Meghana Gaonkar) සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඔස්කාර් සම්මාන පවා දිනාගත්තු රේසුල් පූකුට්ටිගේ (Resul Pookutty) සුපිරි සවුන්ඩ් ඉෆෙක්ට්ස් එක්ක හැඩවුණු, ඒ වගේම හනුමාන් චාලිසා සින්දුවත් එක්ක යන පට්ටම ගැම්මක් තියෙන අන්තිම සටනක් වගේම කවුරුත් නොහිතන විදිහේ අපූරු ට්විස්ට් (Twists) ගොඩක් බලාගන්න පුළුවන් මේ ෆිල්ම් එක, මුල ඉඳන් අන්තිම වෙනකම්ම එක දිගටම කුතුහලයෙන් රසවිඳින්න පුළුවන් සිනමා නිර්මාණයක්.